Tuesday, August 20, 2013

නොපිපෙන මල් කැකුළ 

මල් තුහින ගෙන වඩින උදෑසන 
හී ගෙතු සීතලෙන් මුකුලිතව 
පෙති විදාලන්නට බැරි කුසුම්ණිය
මල් මකරන්ද සොරු ගනිතැයි බියකින්ද 

පින් පිරූ සහස් රැස් දෝතක්ම 
ගෙන ආමි කොපුලතෙහි තවරන්න 
ඇයි තවත් පමා මල් පූදින්න 

හිරු දවන මහ ගිනි දහවල 
පිණි වැටෙන සීත රෑ තුන්යම  
අනිමිස ලෝචනය කළ නෙත් අග 
ඇබින්දක්වත් සිනා පුදන්න 

මහා ගල් කුලක් වුව වෙහෙසව 
අවැසිනම් හැකිය අස්වද්දන්න 
කප් කෙළක් පාරමි පුරා වුව 
බැරිය මුදු මලක පෙති විදහන්න 
හේබාව ගිය පරඬ්ලාපත් අග 
අවසාන සුසුමක්ව යාදින 
මියදෙනා දෙතොලඟට සුවරඳන 
අමා පැන් බිඳක්වත් ගෙන එන්න 
උල්පත්ව නැගෙන දුක් කඳුළකට 
සොඳුරු වෑබඳක්වී නවතින්න 
පමාවී ඇයි තවත් පින්සරාවිය 
සත්තකින් තාම හිත නුඹ ගාව 

පද රචනය - ආනන්ද බණ්ඩාර